සමන්තුරේ මනුෂ්‍ය ඝාතනයක්

සමන්තුරය පොලිස් වසමේ දෙපිරිසක් අතර ඇති වු බහින් බස් වීමකින් පුද්ගලයෙක් ඝාතනයට ලක්ව තිබේ.

ඊයේ(06) රාත්‍රී 8.45 ත් 9 ත් අතර මෙම ඝාතනය සිදුව ඇතැයි පොලීසිය පවසයි.

සමන්තුරය පොලිස් වසමේ අංක 76, වන්නියාර් වීදිය, නින්දවුර් 2 යන ප්‍රදේශයේ වෙරළ තීරයේ දී දෙපිරිසක් අතර මෙම බහින් බස් වීම හට ගෙන ඇත.

එහිදී ලී කොටයකින් හිසට පහර දී මෙම පුද්ගලයා ඝාතනය කර ඇති බවට සමන්තුරය පොලීසියට තොරතුරු ලැබී ඇත.

මෙසේ මිට ගොස් ඇත්තේ වයස අවුරුදු 73 ක් වු මොහොමදු තම්බි මිරාන් හෙවත් මීරා ලෙබ්බේ යන පුද්ගලයෙකි.

මෘත ශරීරය මේ වන විට සිද්ධිය වු ස්ථානයේ පොලිස් ආරක්ෂාව යටතේ තබා තිබේ.

බීමත්ව පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම ඝාතනය සිදු කර ඇති බවට අනාවරණය වී තිබේ.

එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා සමන්තුරය පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *