ඇල්ජීරියානු ජනාධිපතිවරණය ළඟදීම

ඇල්ජීරියානු ජනාධිපතිවරණය නුදුරේදීම පැවැත්වීමට නියමිතව ඇත.

ඒ හමුවේ ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් ඇල්ජීරියානු වැසියන් විරෝධතා ක්‍රියාමාර්ගයකට එළඹී ඇති බව සඳහන්.

ඇල්ජීරියාවේ ජනාධිපතිවරණය මේ වසරේ දෙසැම්බර් මස 12 වැනිදා පැවැත්වීමට නියමිතව ඇත.

ඒ හමුවේ රට පුරා දැවැන්ත විරෝධතා ආරම්භ වී ඇති අතර හමුදාව දේශපාලනයෙන් ඉවත් වීම, දුෂණය පිටුදැකීම, පාලන තන්ත‍්‍රයේ වෙනසක් සිදුවීම සහ විපක්ෂ නායකයින් නිදහස් කිරීම විරෝධතාකරුවන්ගේ ඉල්ලීම් අතර ප්‍රධානයි.

විරෝධතාවලට දහස් සංඛ්‍යාත පිරිසක් සහභාගී වී සිටින බව වාර්තා වෙයි.

ඇල්ජිරියානු දේශපාලන ක්ෂේත්‍රය තුළ හමුදාවට ප්‍රධාන භූමිකාවක් හිමිවෙයි.

විරෝධතාකරුවන් නිහඬ කිරීමට සහ අප්‍රේල් මාසයේ දී ජනාධිපති ඇබ්දෙලාසීස් බුටෆියේකා ඉවත් වීමත් සමග පැවති පැනනැගුණු අවිනිශ්චිත තත්ත්වය සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය විසඳුමකට එළඹීමට හැකි එකම මාර්ගය ලෙස මෙවර ජනාධිපතිවරණය ඔවුන්ට සුවිශේෂයි.

කෙසේ වෙතත් විරෝධතාකරුවන්ගේ පවසන්නේ හමුදාව දේශපාලනයෙන් මුළුමනින්ම ඈත් විය යුතු බවයි.

ඇල්ජීරියා ජනාධිපතිවරණය පැවැත්වීමට නියමිතව තිබුණේ ඉකුත් ජූලි මාසයේදීයි.

පස්වැනි වරටත් ඇල්ජීරියාවේ පාලන බලය අපේක්ෂාවෙන් ජනාධිපති ඇබ්දෙලාසීස් බුටෆියේකා එම ජනාධිපතිවරණයට තරග වදින බව පෙබරවාරි මාසයේ නිවේදනය කලේය.

ඊට එරෙහිව ආරම්භ වූ ජන විරෝධතා හමුවේ ඔහු අප්‍රේල් මස 2 වැනිදා ධූරයෙන් ඉවත් වූ අතර ජනාධිපතිවරණයට දෙසැම්බර් මාසයේදී දින නියම වුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *