ලංකා භටපිරිස් එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා යෙදවීම

එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා හමුදා භට පිරිස් ස්ථානගත කිරීමේ මූලාරම්භය සොයා බැලිමේදී, ශ්‍රී ලංකාව වර්ෂ 1955 දී එක්සත් ජාතීන්ගේ සංවිධානයට බැඳී වර්ෂ 1956 එක්සත් ජාතීන්ගේ උපදේශක කමිටුවේ සාමාජිකයෙකු ලෙස සේවය කරන කල්හි 1 වන එක්සත් ජාතීන්ගේ හදිසි බලකාය (United Nations Emergency Force 1) නමින් හැඳින්වෙන පළමු සාම සාධක මෙහෙයුම පිහිටුවීමට දායක වී ඇත. වර්ෂ 1956 සූවස් යුද්ධය නිමා කිරීම සඳහා 1 වන එක්සත් ජාතීන්ගේ හදිසි බලකාය (UNEF 1) යොදවා ඇති අතර වර්ෂ 1957 දී එක්සත් ජාතීන්ගේ පළමු සාමසාධක හමුදාව හමුදා නිරීක්‍ෂකයින් ලෙස යෙදවීමෙන් ශ්‍රී ලංකාව එම කාර්යයට දායක විය. වර්ෂ 1960 සිට 1964 දක්වා කාලය තුළ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (Mission in the Democratic Republic of Congo) එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ස්ථාපිත මෙහෙයුමට හමුදා යෙදවීමත් සමඟ මෙය සිදු විය. මොසැම්බික්හි එක්සත් ජාතීන්ගේ පොලිස් නිලධාරීන් යෙදවීමටද ශ්‍රී ලංකා පොලිසිය දායක විය. මෙසේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට ශ්‍රී ලංකා සාමසාධක භටපිරිස් යොදවා සාර්ථක ලෙස වසර 32 ක් ගතවී තිබිණි.

ඊට පසු දශක හතරකට ආසන්න කාලයකට පසුව, ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ සංවිධානයට හමුදා යෙදවීම ආරම්භ කළ අතර වර්ෂ 2004 දී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ එක් මාණ්ඩලික නිලධාරියෙකුගෙන් සමන්විත 750 දෙනෙකුගෙන් යුත් භටපිරිස් කණ්ඩායමක් හයිටි හි ස්ථාපිත එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරි සඳහා යොදවනු ලැබු අතර එම මෙහෙයුම් වර්ෂ 2015 දී පමණ අවසන් කරන ලදී.

ඉන්පසුව, වර්ෂ 2010 දී මධ්‍යම අප්‍රිකානු ජනරජයේ හා චැච් රාජ්‍යයේ එක්සත් ජාතීන්ගේ දූත මෙහෙවරට සහ චැඩ් (Mission in the Central African Republic and Chad) හි ශ්‍රී ලංකා යුද හමුදාවේ 60 දෙනෙකුගෙන් යුත් ගුවන් ක්ෂේත්‍ර නඩත්තු කණ්ඩායමක් 2010 පෙබරවාරි මස 17 සිට මැයි මස 25 දක්වා ස්ථාපිත කරන ලදි.

වර්ෂ 2010 සිට ශ්‍රී ලංකා හමුදාවේ සෙබළුන් 150 දෙනෙකුගෙන් යුත් ඒකීය බල ආරක්‍ෂණ කණ්ඩායමක් (Force Protection Company) ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බලකායට (United Nations Interim Force in Lebanon) යොදවා තිබුණි.

වර්ෂ 2014 සිට මේ දක්වා ශ්‍රී ලංකා හමුදාවේ වෛද්‍ය වෘත්තිකයින් 66 දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් දකුණු සුඩානයේ 11 වන මට්ටමේ රෝහලක එක්සත් ජාතීන්ගේ ක්‍රියාන්විත මෙහෙවරකට (UNMISS) යොදවා තිබුණි. තවද, සාමාජිකයින් 110 දෙනෙකුගෙන් යුත් ගුවන් හමුදා ඒකකයක් මධ්‍යම අප්‍රිකාවේ සේවයේ යොදවා ඇත. ඉන්පසුව, වර්ෂ 2015 සිට ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සාමාජිකයින් 104 දෙනෙකුගෙන් සමන්විත ගුවන් හමුදා ඒකකයක් දකුණු සුඩානයේ යොදවා ඇත. තවද, වර්ෂ 2017 සිට මේ දක්වා ශ්‍රී ලංකා හමුදාවේ සාමාජිකයින් 20 දෙනෙකුගෙන් සමන්විත සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයක් (combat convoy company) මාලි හි එක්සත් ජාතීන්ගේ විවිධ අරමුණු ඉලක්ක කරගත් ඒකාබද්ධ ස්ථාපිත මෙහෙයුම සඳහා යොදවන ලදි. 2019 ජුලි මස 29 වන දින විට මාලි රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා හමුදා නිරීක්‍ෂකයින් 14 දෙනෙකු, මාණ්ඩලික නිලධාරීන් 20 දෙනෙකු සහ 409 දෙනෙකුගෙන් යුත් බළඇණියක් සමඟ 443 දෙනෙකුගෙන් සමන්විත භටපිරිස් යොදවා ඇත.

ශ්‍රී ලංකා හමුදා ආපසු එව්වට එක්සත් ජාතීන් විසින් මෑතකදී ගත් තීරණය විමතියට කරුණක් වූයේ, ආපසු මෙරටට ගෙන්වා ගැනීමට හේතුව වත්මන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා දශක තුනකට ආසන්න කාලයක් පැවැති කුරීරු යුද්ධයේ අවසන් අධියරවල සිදුවූ මරණවලට වගකීව යුතු බවට දැඩි විවේචනාත්මක චෝදනා එල්ල වී තිබිමයි. කෙසේ වෙතත්, යුද්ධ හමුදාධිපතිවරයෙකු තෝරා ගැනීම ස්වාධීන ප්‍රජාතන්ත්‍රවාදී රටක ස්වෛරී තීරණය බව මතක තබා ගත යුතුය. වර්තමාන යුද්ධ හමුදාධිපතිවරයා තෝරා ගනු ලැබුවේ රටේ ප්‍රධානීයා වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් මිස වෙන කිසිවෙකු නොවේ. වර්තමාන යුද්ධ හමුදාධිපතිවරයා සියළු නිලයන් අභිබවා මෙම තනතුරට හා තත්වයට ළඟා වීමේ ඉහළම ගෞරවය ලබා ඇති බව ද මතක තබා ගත යුතුය. ශ්‍රී ලංකා යුද්ධ හමුදාව යනු ශ්‍රී ලංකා ජනරජයේ හමුදාව මිස යුද්ධ හමුදාධිපතිගේ පෞද්ගලික හමුදාව නොවන බව මතක තබා ගත යුතුය.

දූපත් ජාතියක් වීම නිසා මෙන්ම කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය මැඩපැවැත්වීමෙන් පසු, හමුදා යෙදවීමට පොළඹවන ක්ෂණික කලාපීය හෝ අභ්‍යන්තර ආරක්‍ෂක තර්ජන නොමැත. ශ්‍රී ලංකාව යුද්ධය නිමාවීමේ ප්‍රතිලාභ සෙමෙන් හා ස්ථාවරව ලබාගනිමින් සිටින අතර සාමය හා සංහිඳියාව යථා තත්ත්වයට පත්වීමේ මාවතේ ගමන් කරයි. ශ්‍රී ලංකා සාමසාධක හමුදා භටයන් හදිසියේ ආපසු ගෙන්වා ගැනීම පිළිබඳව ජනතාව පුදුමයට හා කම්පනයට පත්ව ඇත්තේ මෙම පසුබිම තුළය. කෙසේ වෙතත්, තර්කය වන්නේ කුමන තීරණයක් ගෙන ඇත්ද යන්න නිසි රාජ්‍ය තාන්ත්‍රික මාර්ග ඔස්සේ විය යුතු බවයි. මෙම අවස්ථාවේදී සමාජ මාධ්‍ය සීමාව ඉක්මවා ගොස් ඇති අතර ශ්‍රී ලංකා හමුදා නැවත මෙරටට ගෙන්වා ගත යුතු බවට පණිවිඩය පතුරවා හරිමින් සිටියි.

මේ අතර, කුරිරු එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදය පරාජයට පත් කර ලද ජයග්‍රහණයේ අත්දැකීම්වල ප්‍රතිඵලයක් ලෙස මාලි රාජ්‍යයෙහි ස්ථාපිත සාමසාධක මෙහෙයුම සඳහා ආරක්‍ෂක බලඇණියක් ලෙස වැදගත් සක්‍රීය ඒකකයක් ලබාදීමට ශ්‍රී ලංකාවට හැකි විය.

මෙම ප්‍රයත්නයේදී සාමසාධක භටයින් දෙදෙනෙකුට ඔවුන්ගේ වටිනා ජීවිත අහිමි විය. කපිතාන් එච්.ඩබ්ලිව්.ඩී. ජයවික්‍රම සහ කෝප්‍රල් එස්. විජේවික්‍රම මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සිදුකරමින් සිටියදී ජනවාරි මාසයේ එල්ලවූ ප්‍රහාරයකින් ජිවිතක්‍ෂයට පත්විය. සාම සාධක රාජකාරියේ යෙදී සිටියදී වර්ෂ 2005 දී ජේ.බී. ජයසිංහ සහ එච්.එම්. විජේසිංහ මෙන්ම වර්ෂ 2007 දී ඒ. ජයන්ත යන ශ්‍රී ලංකා සාමසාධක සෙබළුන්ගේ ජීවිත අහිමි විය.

වර්ෂ 2015 දී පැවැති සාමසාධක නායක සමුළුවේදී, ශ්‍රී ලංකාව ක්‍ෂණිකව ස්ථාපිත විය හැකි බලඇණි හතරක්, බෝම්බ නිශ්ක්‍රිය ප්‍රති ප්‍රහාරක කණ්ඩායමක්, විශේෂ බලකා කණ්ඩායම් දෙකක්, බල ආරක්‍ෂ රථ පෙළක්, සටන් සැපයුම් ඒකකයක්, සටන් ප්‍රවාහන කණ්ඩාය

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *