කාශ්මීරයේ බෝම්බ පිපිරීමකින් 14ක් මිය යයි

කාශ්මීරයේ සිදුවු බෝම්බ පිපිරීමකින් පොලිස් නිළධාරීන් ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු තුවාල ලබා තිබේ.

තුවාල ලැබුවන් අතර රථවාහන රාජකාරියේ නිරතව සිටි පොලිස් නිළධාරීන් මෙන්ම මාධ්‍යවේදීන්ද වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ත්‍රස්තවාදීන් පිරිසක් විසින් ප්‍රහාරය එල්ල කරන්නට ඇතිබවට එරට ආරක්ෂක අංශ සැක පළ කරන අතර ප්‍රහාරය එල්ල කළ පාර්ශව සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණය වී නැත.

කෙසේ වෙතත් පිපිරීම සිදුවු ස්ථානය අවට ප්‍රදේශයේ සෝදිසි මෙහෙයුම් ආරක්ෂක අංශ විසින් ආරම්භ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *