මහත්මා ගාන්ධිගේ භෂ්මාවශේෂ සොරා ගනී

මහත්මා ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ සොරා ගැනීමට ලක්ව ඇති බව ඉන්දීය පොලිසිය පවසයි.

ඉන්දීය නිදහස් සටනේ නියමුවෙකු ලෙස සැළකෙන මහත්මා ගාන්ධි තුමාගේ භෂ්මාවශේෂ කොටස් කිහිපයක් සොරා ගැනීමට ලක්ව තිබේ.

ඔහුගේ 150 වැනි ජන්ම දිනය යෙදී තිබූ දිනයේදීම මෙම සොරකම සිදුව තිබීම විශේෂත්වයක්.

මධ්‍යම ඉන්දියාවේ අනුස්මරණ ස්ථානයක තිබූ භෂ්මාවශේෂ කොටස් කිහිපයකුයි මෙලෙස සොරා ගැනීමට ලක්ව ඇත.

එමෙන්ම අදාළ ස්ථානයේ තිබූ ඔහුගේ ඡායාරූප කිහිපයකට කිසියම් පිරිසක් විසින් හානි සිදුකර ඇති බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *