මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනය වී වසරක් සපිරෙයි

මාධ්‍යවේදී ජමාල් කෂෝගි ඝාතනයට ලක් වී ඊයට වසරක් සපිරෙයි.

ඊට සමගාමීව අමෙරිකාවේදී ඔහු වෙනුවෙන් අනුස්මරණ මෙහෙයක් සංවිධානය කර තිබුණි.

ඝාතනයට ලක්වූ සෞදි මාධ්‍යවේදී ජමාල් කෂෝගි වෙනුවෙන් අනුස්මරණ මෙහෙයක් අමෙරිකාවේ වොෂින්ටන් අගනුවර පිහිටි සෞදි තානාපති කාර්යාලය අසළදී පැවැත්වුණි.

ඔහු ඝාතනයට ලක්ව වසරක් සපිරීම සංකේතවත් කරමින් එය සංවිධාන කර ඇත.

ජමාල් කෂෝගි යනු සෞදි පුවත් ආයතන කිහිපයක් වෙනුවෙන් ප්‍රබල පුවත් ආවරණය කළ ප්‍රකට මාධ්‍යවේදියෙක්.

ඔහු සෞදි රජයේ උපදේශකයෙකු ලෙස ද සේවය කර ඇති අතර, පසුකාලීනව රජයේ උදහසට ලක් වුණි.

පසුව ඔහු අමෙරිකාවට ගොස් Washington Post පුවත්පතට සේවය කළේය.

තුර්කියේ ඉස්තාන්බුල් අගනුවර පිහිටි සෞදි කොන්සල් කාර්යාලයේදී ඔහු ඝාතනයට ලක්වන්නේ පසුගිය වසරේ ඔක්තෝම්බර් මස දෙවැනිදායි.

එහිදී කැබලි කර විනාශ කළැයි පැවසෙන ඔහුගේ සිරුරු කොටසක් හෝ සොයා ගැනීමට අදටත් හැකි වී නැත.

ඊට සම්බන්ධ සෞදි ජාතිකයින් 17 දෙනෙකුට එරෙහිව සම්බාධක පැනවීමට එක්සත් ජනපද භාණ්ඩාගාර දෙපාර්තමේන්තුව කටයුතු කලේය.

කෙසේ වෙතත් අමෙරිකානු සෙනෙට් සභිකයන් ට්‍රම්ප් පරිපාලනය ඊට එරෙහිව ක්‍රියාත්මක වූ ආකාරය පිළිබඳව කිසිසේත්ම සෑහීමකට පත්වුණේ නැත.

ඔවුන් ඒ සම්බන්ධයෙන් චෝදනා කළේ සෞදියේ ඔටුන්න හිමි මොහොමඩ් බින් සල්මාන් කුමරුටයි.

ජමාල් කෂෝගි ගේ ඝාතනය පිටුපස සල්මාන් කුමරු සිටින බවට එල්ල වන චෝදනා සෞදි බලධාරීන් අදටත් ප්‍රතික්ෂේප කරයි.

ඔහුගේ ඝාතකයන්ට දඬුවම් ලබාදීම වෙනුවෙන් නඩු විභාගයක් මේ වනවිටත් එරටදී පැවැත්වෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *