පකිස්ථානයට ජය

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමඟ පැවති තෙවන සහ අවසන් එක්දින තරගය කඩුළු 5කින් ජය ගැනීමට පාකිස්ථාන කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කන්ඩායම පළමුවෙන් පන්දුවට පහර දුන් අතර නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 9ක් දැවී ලකුණු 297 ක් ලබා ගත්තේය.

සිය එක්දින තරග දිවියේ හොඳම ඉනිම ක්‍රීඩා කළ ධනුෂ්ක ගුණතිලක ලකුණු 133ක් ලබා ගත්තේය.

දසුන් ශානක පන්දු 24 කින් ලකුණු 43 ක් ලබා ගතතේය.

පිළිතුරු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 48යි පන්දු 2ක් අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 299ක් ලබා ගනිමින් තරගය ජයග්‍රහනය කළේය.

ෆක්හාර් ලකුණු 76ක් ලබා ගත් අතර අභීද් අලී ලකුණු 74ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ නුවන් ප්‍රදීප් ලකුණු 53කට කඩුළු 2ක් දවා ගත්තේය.

ඒ අනුව තරග 3කින් සමන්විත එක්දින තරගාවලියේ ජය 2ට බින්දුවක් ලෙසට පකිස්ථානයට හිමි විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *