හයිටිවල වෙඩි ප්‍රහාරයකින් මාධ්‍යවේදියෙකුට තුවාල

හයිටි රාජ්‍යයේ පැවැත්වෙන විරෝධතා විසුරුවාහැරීමට පොලිසිය විසින් ජීව උණ්ඩ ප්‍රහාරයක් එල්ල කර තිබේ.

එහිදී වෙඩි පහරකට ගොඳුරුවූ මාධ්‍යවේදියෙක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා සඳහන් කළේය.

හයිටි රාජ්‍යයේ උද්ගතව ඇති ආහාර හා ඉන්ධන හිඟය, මුදලේ අගය අවප්‍රමාණයවීම, උද්ධමනය වැනි කරුණු මුල්කරගනිමින් එරට ජනතාව වීථිවලට අවතීර්ණවී සිටියි.

රටේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් වගකීම භාරගනිමින් ජනාධිපතිවරයා ඉල්ලා අස්විය යුතු බව විරෝධතාකරුවන් පවසයි.

ජනාධිපතිවරයා වෙනුවෙන් තමා ඡන්දය භාවිත කළද ඔහුගේ ප්‍රතිපත්ති හා එකඟවිය නොහැකි බවත් විරෝධතාකරුවන් පවසා තිබුණි.

විරෝධතාව විසුරුවාහැරීමට පොලිසිය කඳුළු ගෑස් සහ ජීව උණ්ඩ ප්‍රහාර එල්ලකර තිබේ.

එහිදී මාධ්‍යවේදියෙක් වෙඩි පහරකට ගොඳුරු වීමෙන් තුවාල ලබා ඇති බව සඳහන් වෙයි.

හයිටි විරෝධතා අතරතුර එල්ලවූ වෙඩි ප්‍රහාර වලින් සතියක් ඇතුළත මාධ්‍යවේදියෙක් තුවාල ලැබූ දෙවන අවස්ථාවද මෙය වෙයි.

මේ අතර පසුගිය දින කිහිපය ඇතුළත විරෝධතාකරුවන් සිව්දෙනෙක් මියගොස් ඇති බවද එරට වාර්තාවල සඳහන් වෙයි.

එමෙන්ම එරට පැවති දැවැන්තම මෙන්ම ප්‍රචණ්ඩතම විරෝධතා මාලාව මෙය බවද එම වාර්තා වැඩිදුරටත් සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *