අනුර සජිත්ගෙන් ඉල්ලු පොරොන්දුව

තමන් ජනාධිපති ලෙස පත් වුවහොත් දේශපාලන පත්වීම් සිදු නොකරන බවට හැකි නම්. පොරොන්දුවක් ලබා දෙන ලෙස ජාතික ජන බලවේගයේ ජනාධිපති අපෙක්ෂක අනුර කුමාර දිසානායක මහතා එක්සත් ජාතික පක්ෂ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට අභියෝග කරයි.

මොනරාගල පැවති ජන හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

2015 ජනවාරි මාස 8 වන දින පැවති පාලනය බිඳ වැට්ටීමේ දී ජනතාව අපේක්ෂා කරන ලද කරුණ වන්නේ හොරු ඇල්ලීම බව ද ඒ මහතා පවසා සිටියේය.

ජනතාව වංචා සහගත පුද්ගලයින්ට දඬුවම් දෙන තෙක් බලා සිටි බවත් පැවසු ඒ මහතා, වංචා වංචා පැවසු නමුත් ඒවාට නිසි ලෙස පැමිණිලි කිරීම් සිදු නොවු බවත් පැවසීය.

FCID යට ගොස් එවැනි පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් පැවසු මන්ත්‍රීවරයා, අල්ලස් හෝ දුෂණ කොමිසන් සභාවට හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මෙවැනි පැමිණීලි ඉදිරිපත් කළ හැකි බවද පැවසීය.

පැමිණිල්ලක් නොමැතිව පරීක්ෂණ පැවැත්විය නොහැකි බවත් පැවසු අනුර කුමාර මහතා නිවාස අමාත්‍යාංශයේ යම් දුෂණයක් සිදුව ඇත්නම් එහි හිටපු අමාත්‍යවරයා වශයෙන් විමල් වීරවංශ මහතාට එරෙහිව පැමිණිලි කළ හැකිව ඇත්තේ සජිත් ප්‍රේමදාස මහතාට බවත් කියා සිටියේය.

ඔහු සතුව පෙර සිටි අමාත්‍යවරයාගේ ලියකියවිලි සියල්ලම ඇති බවත් පැවසු මන්ත්‍රීවරයා, නමුත් එක්සත් ජාතික පක්ෂයේ කිසිවෙකු පැමිණිල්ලක් ඉදිරිපත් නොකල බවත් පැවසීය.

නමුත් තම පක්ෂයේ වසන්ත සමරසිංහ මහතා ඇතුළු සමාජිකයින් පැමිණිලි 130 ක් අල්ලස් කොමිසමට හා
FCID යට පැමිණිලි කළ බවත් අනුර කුමාර දිසානායක මහතා කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා විසින් පොඩි පාරවල්වල ගෙවල් රැසක් හදා ඇති බවත් සඳහන් කර සිටි ඒ මහතා, කැළෑවේ තිබු වගා බිම් ගෙවල් බවට පත්ව ඇතැයි සඳහන් කළේය.

එනිසා හොඳ ඉඩම් පරිහරණ ප්‍රතිපත්තියක් සකස් කළ යුතු බවත් පවසන ඒ මහතා, සජිත් ප්‍රේමදාස මහතාට තමා අභියෝග කරන බවත්, හැකි නම් වේදිකාවට නැගලා දේශපාලනික වශයෙන් උදලු තලයක් හෝ වෙනත් කිසිවක් ලබා නොදෙන පවසන්න යැයි කියා සිටියේය.

එසේ ප්‍රකාශ කළහොත් කිසිවෙකු ඉතිරි නොවන බවද ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

Sharing is caring!

One comment on “අනුර සජිත්ගෙන් ඉල්ලු පොරොන්දුව

  1. හැකර කටෝ ඈති වාචාල කම්, සජිත් ගෙන් පොරොන්දු නොගෙන තමුන් ගෙ ප්‍රතිපත්ති ජනතාවට ඉදිරිපත් කරනවලා. ජනතාවට ඔහේලා වගේ කෙබර ගාන උන් ගැන විශ්වාසයක් ආවොතින් ඡන්ද ය හම්බ වෙයි. නැත්නම් දැන්වත් විශ්වාසයක් එන විදිහට කතා කරනවලා. සජිත් ගෙ වත් ගෝඨා ගෙ වත් පශ්චාත් භාගය හාර හාර ගඳ සුවඳ කියෝ කියෝ ඉන්නේ නැතිව. ඩීල් පප්පා තමුන් කොහොමද සජිත් ගෙන් පොරොන්දු ගන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *