ජාතික විරුවන්ට චීන ජනපතිගෙන් උපහාර

ජාතික විරුවන් සඳහා පුෂ්පෝපහාර දැක්වීමේ උත්සවයකට චීන ජනාධිපති ෂී ජින් පින් එක්ව සිටියේය.

ඒ හෙටට යෙදී ඇති චීන ජනරජ දිනය නිමිති කරගෙනයි.

බීජිං අගනුවර ටියනමන් චතුරස්‍රයේ ඉදිකර තිබෙන ජාතික වීරවරයන්ගේ ස්මාරකයට ජනාධිපති ෂී ජින් පින් පුෂ්පෝපහාර දැක්වූවේය.

එම අවස්ථාවට එරට අගමැතිවරයා ඇතුළු ඉහළ පෙලේ නිලධාරීන් රැසක්ද එක්ව සිටියේය.

එහිදී ජාතික විරුවන් සිහි කරමින් නිශ්ශබ්දතාවක්ද පවත්වා ඇත.

මේ වර්ෂයට යෙදී ඇත්තේ චීනයේ 70වන සංවත්සර සැමරුමයි.

සංවත්සර සැමරුම් උත්සවය, එරට පවත්වන වඩාත්ම වැදගත් මෙන්ම ප්‍රධානම සැමරුම් උත්සවය වේ.

එහි පෙර පහුණුවීම් පසුගිය දින කිහිපයේදීම සිදු කෙරුණු අතර නගරයේ ආරක්ෂාවද තර කර ඇති බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *