සෞදි රජුගේ පුද්ගලික ආරක්ෂකයා ඝාතනය කරයි

සෞදි අරාබියානු රජු සල්මන් බින් අබ්දුලාසිස් අල් සාද්ගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා වෙඩි තබා ඝාතනය කර තිබේ.

අදාළ ආරක්ෂක නිලධාරියාගේ මිතුරෙකුගේ නිවසක ඇති වු ආරවුලක් අතර තුර දී සිදුවු වෙඩි තැබීමකින් ඔහු තුවාල ලබා රෝහල් ගත කිරීමෙන් පසු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ ජෙනරාල් අබ්දුලාසීස් අල් ෆගම් නමැති ආරක්ෂක නිලධාරියා යි.

කෙසේවෙතත් ඝාතනය සිදුකළ සැකකරු ද ආරක්ෂක අංශ සිදුකළ වෙඩි ප්‍රහාරයකින් ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *