විපක්ෂය සජිත්ව ඉල්ලුවේ ඇයි?

පසුගිය මාස තුන පුරාම සජිත් ප්‍රේමදාස මැතිතුමාට එජාපයේ අපේක්ෂකත්වය ලබා දිය යුතු බවට. විපක්ෂය සටන් කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසයි.

අද(27) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මෙම අදහස් පළ කළේය.

සජිත් ප්‍රේමදාස මැතිතුමාට අපේක්ෂකත්වය ලැබුණු අවස්ථාවේ ඔහුට අපේක්ෂකත්වය ලබා ගැනීමට සටන් කලේ ඇයි දැයි පැහැදිලි කළ යුතු වෙන බවද මන්ත්‍රීවරයා මෙහිදී පවසා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වු මන්ත්‍රීවරයා මෙසේ පැවසීය.

“අපි සජිත් ප්‍රේමදාස මැතිතුමාව ඉල්ලුවේ අපට පහසුවෙන්ම පරාජය කළ හැකි අපේක්ෂකයානිසා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ දී දෙවරක් නාමල් රාජපක්ෂ මන්ත්‍රිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්.
තිස්සමහරාම කොට්ඨාශයේ දී ඩී වී චානක මන්ත්‍රිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්.

එතුමා පදිංචි ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ දී රසික දිනේෂ් සභාපතිතුමාට පරාජය වුණු අපේක්ෂකයෙක්.

ඒ නිසා අපට සජිත් ප්‍රේමදාස මැතිතුමා පරාජය කරන්න ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවශ්‍ය නෑ, ලුණුගම්වෙහෙර ප්‍රාදේශීය සභාවේ රසික දිනේෂ් සභාපතිතුමාටත් ඒක කරන්න පුළුවන්.

සජිත් මැතිතුමා හම්බන්තොට දිස්ත්‍රික්කයේ නායකයා වෙලා 2001 දී තරග කරන විට එජාපය 40%ක් ඡන්ද ලබා ගත්තා.

එතුමාගේ නායකත්වය යටතේ එජාපය හම්බන්තොට දිස්ත්‍රික්කය තුල දිගින් දිගටම පිරිහුණා. 2001 දී 40%ක් වුණු ඡන්ද පදනම 2010 දී 30% දක්වා පල්ලම් බැස්සා.

සජිත් මැතිතුමා එජාප ජනාධිපති අපේක්ෂකයා වුණාම රට පුරා එජාප ඡන්ද පදනමට සිද්ධ වෙන්නේ හම්බන්තොට වුණා වගේ පල්ලම් බැසීම පමණයි.

සජිත් මැතිතුමාගේ තරම මැන ගන්න අපි අමුතුවෙන් කිසිවක් කියන්න ඕනෑ නෑ.

රවි කරුණානායක ඇමතිතුමා කියන විධියට සාමාන්‍ය පෙලවත් සමත් නැති තමන්ගේ ආසනය දිනා ගන්න බැරි අපේක්ෂකයෙක්.

සරත් ෆොන්සේකා මැතිතුමා කියන විධියට පෙට්ටි ගෙවල් හැදීම රට පාලනය කරනවා කියා සිතන අපේක්ෂකයෙක්. පා ච රණවක ඇමතිතුමා කියන විධියට පවුල්වාදි අපේක්ෂකයෙක්.

ලක්ෂ්මන් කිරිඇල්ල ඇමතිතුමා කියන විධියට සුළු ජාතින්ගේ ආර්කෂණය දිනා ගන්න බැරි අපේක්ෂකයෙක්. අපිට පේන විධියට නම් ර්දශනයක් වැඩපිලිවෙලක් නැති හිස් වචන පමණක් ඇති අපේක්ෂකයෙක්.“

Sharing is caring!

One comment on “විපක්ෂය සජිත්ව ඉල්ලුවේ ඇයි?

  1. ගොං බකමූණු රජෝ, දිනන්න ලේසි නම් කට මැත නොදොඩා දිනන විදියක් බලා ගන්. තමුන්ගේ වැඩපිළිවෙළ මොකක්ද කියා රටට ඉදිරිපත් කර එය ජනතාවට තේරුම් කරලා දෙන්න උත්සාහ කරපිය. නිකන් එක එකාගෙ පශ්චාත් භාගයේ මොනවද තියෙන්නේ කියා හාර හාර නොඉඳ

Leave a Reply

Your email address will not be published. Required fields are marked *