මේ පාර හංසයට දුන්නොත් වෙන වැඩේ හිතාගන්නත් පුළුවන්

එක්සත් ජාතික පෙරමුණේ ජනපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා ආර්ථිකය හෝ උතුරු. නැගෙනහිර ගැටලුව පිළිබඳව කිසිවක් කථා කර නොමැති බව විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ඊයේ (26දා) ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ශාන්තිකර්මවේදීන්ගේ සම්මේනලය අමතමින් ඔහු මේ බව පැවැසීය.

”දැන් නම් තොවිල් නටන්න වෙන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයාට. මෙතෙක් කල් ගෙවල් ගැන කතා කළා මිසක් රටේ ආර්ථිකය ගැන, උතුරු නැගෙනහිර ප‍්‍රශ්නය ගැන වචනයක් කතා කරලා නැහැ.

රටේ සංවර්ධනය ගැන කිසිම අදහසක් නැහැ. එතුමා වැඩි කාලයක් යෙදවූයේ යාල වනයේ ගත කරන්නයි.

ගියපාර හංසයාට ඡන්දය දීලා වුණ වැඩේ කවුරුත් දන්නවා. මේ පාර හංසයාට දුන්නොත් වෙන වැඩේ හිතාගන්නත් පුලුවන්. අපි මුල් තැන දිය යුත්තේ රට ජාතිය රැක ගැනීමටයි.”

Sharing is caring!

One comment on “මේ පාර හංසයට දුන්නොත් වෙන වැඩේ හිතාගන්නත් පුළුවන්

  1. තමුන් ගාව හොඳ ප්‍රතිපත්තිය ක් තියෙනවා නම් ඒක ඉදිරිපත් කරන්න. ජනතාව ඒක තේරුම් අරගෙන ඡන්ද ය දමයි. නිකන් අරයා ගෙ මෙයාගේ ඇද කුද අඩු පාඩු කියෝ කියෝ ඉන්නේ නැතුව. හිතන් ඉන්නේ ජනතාව මෝඩයෝ කියලා ද, දේශපාලුවනි ඔහේ ලා ඔහේලාගේ ප්‍රතිපත්ති ඉදිරිපත් කරන්න. ජනතාවට ගන්න ඕන තිරණය කියා දෙන්නේ නැතිව.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *