වෙල්ගම ජනාධිපතිවරණයට සූදානම්

ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් තරග කිරිමට සුදානම් බව පාර්ලිමේන්තු මන්ති‍්‍ර කුමාර වෙල්ගම මහතා පැවසිය .

ඊයේ (22) මාතරදි පැවති උත්සවයකින් පසුව මාධ්‍ය අමතා ඔහු මේ බව පැවසිය .

එහිදි අදහස් පළකල ඒ මහතා ,

‘‘ මම කියන්නේ ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අපේක්ෂකයෙක් දාන්න ඕන , එතකොට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ හයිය බලාගන්න පුළුවන් . ඒක තමයි මගේ මතය . ජනාධිපතිතුමා ජනාධිපතිවරණයට තරග කරනවනම් සහයෝගය දෙන්න සියලූ දෙනා සැදි පැහැදි ඉන්නවා . එතුමා තරග කරන්නෙ නැත්නම් පක්ෂයේ කෙනෙක් දාන්න ඕන . පක්ෂය වෙනුවෙන් ජනාධිපතිවරණයට මම ඉදිරිපත් වෙන්න සුදානම් . පොදුජන පෙරමුණ එක්ක සාකච්ජා පවත්වලා තේරුමක් නැහැ . දැන් කොයි කාලේ ඉදන්ද සාකච්ජා පවත්වන්නේ මොකටද එක එකාට දණ නමන්නේ . මේක බණ්ඩාරනායක මහත්තයා හදපු පක්ෂය , කාටවත් දණ නමන්න ඕන නැහැ. අපිට කෙළින් තින්දුවක් ගන්න මිනිස්සු ඉන්නවා .

අපි අන්තපරාජය වුණත් ලක්ෂ 10ට වැඩිය අපිත් එක්ක හිටියා . ඇයි අපි බය වෙන්නේ . ඒ නිසා ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනම තරග කල යුතුයි . මෛති‍්‍රපාල මහත්තයා තරග කරන්නෙ නැත්නම් ඉදිරි ජනාධිපතිවරණයට ශි‍්‍ර ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් මම තරග කරන්න සුදානම් ’’ යැයි පැවසිය .

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *