වතුකම්කරුවන් පිරිසකට බඹර ප්‍රහාරයක්

දළු නෙලමින් සිටි වතුකම්කරුවන් පිරිසකට එල්ල වූ බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතුකම්කරුවන් පස්දෙනෙක් බගවන්තලාව ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කල බව බගවන්තලාව පොලීසිය පැවැසීය.

බගවන්තලාව පොලිස් වසමට අයත් කිලානි වත්තේ තේ දළු නෙලමින් සිටි වතුකම්කරු කාන්තාවන් සිව්දෙනෙකුට සහ වතුකම්කරුවෙකුට ඊයේ (21) පස්වරු 1 ට පමන මෙම බඹර ප්‍රහාරය එල්ල වී ඇති බව අද දෙරණ වාර්තාකු සඳහන් කළේය.

තේ වත්තේ ගසක් මැද බැද තිබු බඹර කූඩුවක් එක්වර ඇවිස්සී තමන්ට බඹරුන් පහරදුන් බව ප්‍රහාරයෙන් තුවාල ලබා බගවන්තලාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන වතුකම්කරුවන් ලැවසීය.

බඹර ප්‍රහාරය සම්බන්ධයෙන් බගවන්තලාව පොලීසිය පරීක්ෂන පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *