නිවාඩුවට ගෙදර ඇවිත් ගංජා විකුණූ හමුදා සෙබළා අත්අඩංගුවට

වැලිගම පොලිස් වසමේ උඩුකාව ප‍්‍රදේශයේදි කේරල ගංජා ජාවාරමේ නිරත වි සිටි යුධ හමුදා සෙබලෙකු කේරල ගංජා කිලෝ 1කට ආසන්න ප‍්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගැනීමට වැලිගම පොලීසියේ පොලිස් නිලධාරින් සමත් වී ඇත.

වැලිගම පෙලීසියට ලද තොරතුරක් මත මෙලෙස අත් අඩංගුවට පත්ව ඇත්තේ උඩුකාව ජයවික‍්‍රමපුර ප‍්‍රදේශයේ පදිංචිව සිටි අවුරුදු 29 ක් වන හමුදා සෙබලෙකි.

මොහු මුලතිව් හි 23 වන විජයබා පාබල හමුදා කඳවුරට අනුයුක්තව සේවය කරනු ලබන හමුදා සෙබලෙකු වන අතර නිවාඩු ලබා පැමිණ සිටියදි මෙලෙස කේරල ගංජා ජාවාරමේ නිරතව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.

කලක් තිස්සේ මෙම හමුදා සෙබලා නිවාඩු ලබා පැමිණ සිටින අවස්ථා වලදි මෙම කේරල ගංජා ජාවාරම අමතර ආදායමක් ලෙස පවත්වා ගෙන ගොස් ඇති බව පොලීසිය සිදු කල මුලික පරික්ෂණ වලදි අනාවරණය වි ඇත.

සැකකරු සන්තකවේ තිබි කේරළ ගංජා වල බර කීරිමට යොදා ගන්නා ඉලොක්ට්‍රොනික තරාදියක් ද හමුව ඇති අතර ජාවාරම සිදු කරනු ලබන අතරතුර මෙම සැකකරු අත්අඅඩංගුවට ගෙන ඇත.

සැකකරු මාතර මහේස්ත‍්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිත අතර වැලිගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *