ඇෆ්ගනිස්ථානයේ අපරාජිත බව නිමවේ

පන්දුවාර 20 පිටියේ වැඩිම වාර ගණනක් අපරාජිතව සිටි ඇෆ්ගනිස්ථානයේ අපරාජිතභාවයේ වාර්තාව නිමාවට පත්විය. ඒ ඊයේ (20දා) සිමිබාබ්වේ හමුවේ කඩුළු 7 කින් පරාජයට පත්වීමෙනි. බංග්ලාදේශයේ චටෝග්‍රාම් හිදී පැවති මෙම තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ඇෆ්ගනිස්තානය සිය පන්දුවාර 20 අවසන කඩුළු 8 ක් දැවීලකුනු 155 ක් රැස් කලේය. පන්දු යැවීමෙන් ක්‍රිස් මෝෆු කඩුළු 4 ක් දවාලීය. ඒ අනුව ලකුනු 156 ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිව සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 19.3 කදී ජයග්‍රාහී සීමාව පසුකර ගියේය. සිම්බාබ්වේ වෙනුවෙන් නායක හැමිල්ටන් මසකඩ්සා ලකුණු 71 ක් රැස් කලේය. මෙම පරාජයට පෙර ඇෆ්ගනිස්ථානය අඛණ්ඩව පන්දුවාර 20 තරග 12 ක් ජයග්‍රහණය කළ අතර එය පන්දුවාර 20 පිටියේ කණ්ඩායමක් වැඩිම තරග ගණනක් අඛණ්ඩව ජයග්‍රහණය කළ අවස්ථාව විය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *