ගෝඨාභය පොහොට්ටුවෙන් ඇප තැන්පත් කරයි

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් අද(20) එම පෙරමුණ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ ඇප මුදල් තැන්පත් කරනු ලැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතීඥ සාගර කාරියවසම් මහතා අද පෙරවරුවේ රාජගිරියේ මැතිවරණ කොමිෂන් සභාවට පැමිණ එම පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළේය.

එම අවස්ථාවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන දේශපාලන නියෝජිතයින් රැසක් එක්ව සිටියේය.

මෙම අවස්ථාවේ මාධ්‍යයට අදහස් දක්වමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම්, නීතිඥ සාගර කාරියවසම් මහතා පවසා සිටියේ, සුබ නැකතින් කඩා වැටී ඇති රට ගොඩනැඟීමට ගෝඨාභය මහතා වෙනුවෙන් ඇප මුදල් තැන්පත් කළ බවයි.

ගමන ඉතා සුබ බවත් පැවසු ඒ මහතා, පළමු පියවර ලෙස මෙය සිදු කළ බවත් කියා සිටියේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *