මැණික් ගැරූ තිදෙනෙක් කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට

බගවන්තලාව පොලිස් වසමේ කිව් වත්ත ප්‍රදේශයේ බලපත්‍ර නොමැතිව මැණික් ගැරූ තිදෙනෙක් කැණීම් උපකරණ සමඟ අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 42, 29, 23 වයස්වල පසුවන බගවන්තලාව ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් තිදෙනෙකි.

සැකකරුවන් අද දින හැටන් මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් වන ලෙස දන්වා පොලිස් ඇප මත මුදා හැර ඇත.

බගවන්තලාව පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *