අයහපත් කාලගුණයෙන් පුද්ගලයන් 7101 පීඩාවට

අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 08ක පවුල් එක්දහස් හත්සිය දහ අටක පුද්ගලයන් හත්දහස් එකසිය එකක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

මෙහිදී නිවාස 220කට හානි සිදුව තිබෙන අතර, පවුල් 194කට අයත් පුද්ගලයන් 950 දෙනෙකු ආරක්ෂිත කඳවුරු 12ක රඳවා සිටින බවද එම මධ්‍යස්ථානයේ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මහතා සඳහන් කළේය.

මෙහිදී වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටිනුයේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම දිස්ත්‍රික්කයේ පවුල් 1328කට අයත් පුද්ගලයන් 5368 දෙනෙකු මෙයින් පීඩාවට පත්ව තිබෙන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *