පොලීසියේ 8කගේ වැඩ තහනම්

හලාවත කොටිඨාසයේ හලාවත මුලස්ථානයේ පොලීසියට අනුයුක්තව කොට්ඨාස. දුෂණ මර්ධන අංශයේ රාජකාරි සිදු කළ පොලිස් නිලධාරින් අටදෙනෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මාධ්‍ය අංශය නිවේදනය කළේය.

මෙලෙස වැඩ තහනම් කර ඇත්තේ ස්ථානාධිපති ලෙස රාජකාරි සිදු කළ උප පොලිස් පරික්ෂකවරයෙකු හා පොලිස් සැරයන්වරයෙකු, පොලිස් කොස්තාපල්වරයින් 5ක් සහ පොලිස් කොස්තාපල් රිදුරෙකු ඇතුළු අටදෙනෙකුගෙන යුත් කණ්ඩායමකගේය.

ලද තොරතුරු මත පසුගිය 6වනදා මෙම පිරිස වෙන්නප්පුව පොලිස් වසමේ හෝටලයක මුදල් ඔට්ටුවට සූදු සෙල්ලම් කරමින් සිටි සැකකරුවන් පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත.

එහිද සැකකරුවන් 20කට වඩා වැඩි ප්‍රමාණයකින් 9 දෙනෙකු පමණක් අත්අඩංගුවට ගෙන ඉතිරි සැකකරුවන් මුදාහැරීමට කටයුතු කර ඇත.

මීට අමතරව සූදූ පිටියේ තිබු මුදල් හා සැකකරුවන් සන්තකයේ තිබු මුදල් අයථා ලෙස ලබාගෙන දුෂිත ක්‍රියාවක් සිදු කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇත.

මෙම කරුණු මත, නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී විසින් විමර්ශන සිදු කර පසුව නිලධාරින්ගේ වැඩ තහනම් කළ බව පොලිස් නිවේදනයේ සඳහන් වේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *