ඇපල් වත්තේ දී හසුවු සැකකාරිය

මාලිගාවත්ත පොලිස් වසමේ ඇපල් වත්තේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් වැටලීමක් සිදුකර හෙරොයින් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(16) සවස 4 ට පමණ මෙම වැටලිම සිදු කර ඇත.

නිලධාරීන්ට ලද තොරතුරු මත මෙම වැටලීම සිදු කර ඇති අතර, එහිදී හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 630 ක් අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකාරිය වයස අවුරුදු 48 ක් වු මැල්වත්ත, ග්‍රෑන්ඩ්පාස්, කොළඹ 14 යන ලිපිනයේ පදිංචි මුස්ලිම් ජාතික කාන්තාවක් බව පොලීසිය පවසයි.

සැකකාරිය අද(17) මාලිකාන්ද ‍මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාලිගාවත්ත පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *