වැව් බැම්ම මත දී වන අලි පහර දීමක්

මැදවච්චිය පොලිස් වසමේ තරණගොල්ලෑව වැව් බැම්ම මත දී වන අලියෙකු පහර දීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇත.

අද(17) අළුයම 2.30ට පමණ මෙය සිදුව තිබේ.

වන අලි පහර දීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මැදවච්චිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇත.

මෙසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 37 ක් වු පිහිඹිය‍ගොල්ලෑව, මැදවච්චිය ලිපිනයේ පදිංචි කදිරාතේගේ චාමර සඳරුවන් දිසානායක නැමති අයෙකි.

මරණකරු තම සහෝදරයා සමඟ යතුරුපැදියෙන් ගමන් කරමින් සිටිය දී වැව් බැම්ම මත දී මෙලෙස වන අලි ප්‍රහාරයට ලක්ව ඇත.

‍මැදවච්චිය පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *