හොරොයින් සමඟ පුද්ගලයෙක් මාලිගාවත්තේ දී අල්ලයි

මාලිගාවත්ත පොලිස් වසමේ RB වත්තේ දී කොළඹ මධ්‍යම කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදු කර තිබේ.

ඊයේ(16) සවස 4.30ට පමණ මෙම වැටලීම සිදු කිරීමෙන් හෙරොයින් ග්‍රෑම් 2 යි මිලිග්‍රෑම් 200 ක් සමඟ සැකකරුවෙක් මාලිගාවත්ත පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 29 ක් වු මරදාන ප්‍රදේශයේ පදිංචි අයෙකි.

සැකකරු අද(17) දිනයේ දී මාලිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

මාලිගාවත්ත පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *