පාකිස්තාන තරගාවලියේ නායකත්වය තිරිමාන්නට හා දසුන්ට

එක්දින තරග තුනකින් හා විස්සයි20 තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකා කණ්ඩායමේ පාකිස්තාන තරග සංචාරය සඳහා ශ්‍රී ලංකා එක්දින හා විස්සයි20 සංචිතය නම් කර තිබේ.

මෙම තරගාවලියෙන් ප්‍රධාන ක්‍රීඩකයන් ඉවත්ව ඇති හෙයින් එක්දින කණ්ඩායමේ නායකයා ලෙස ළහිරු තිරිමාන්නත්, විස්සයි20 කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකත් පත්කර තිබේ.

එක්දින කණ්ඩායමට නම් කර ඇති ක්‍රීඩකයන් 15 දෙනාගෙන් 14ක්ම විස්සයි20 කණ්ඩායමට නම්කර තිබේ.

එක්දින කණ්ඩායමේ නායකයා වූ ළහිරු තිරිමාන්න විස්සයි20 කණ්ඩායමට ඇතුළත්ව නොමැත.

එක්දින කණ්ඩායමට ඇතුළත්ව නැති භානුක රාජපක්ෂ හා ළහිරු මධුශංක විස්සයි20 කණ්ඩායමට නම්කර තිබේ.

ශ්‍රී ලංකා එක්දින සංචිතය – ළහිරු තිරිමාන්න (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර

ශ්‍රී ලංකා විස්සයි20 සංචිතය – දසුන් ශානක (නායක), ධනුෂ්ක ගුණතිලක, සදීර සමරවික්‍රම, අවිශ්ක ප්‍රනාන්දු, ඕෂධ ප්‍රනාන්දු, ශෙහාන් ජයසූරිය, භානුක රාජපක්ෂ, ළහිරු මධුශංක, ශෙහාන් ජයසූරිය, දසුන් ශානක, මිනෝද් භානුක, ඇන්ජලෝ පෙරේරා, වනිඳු හසරංග, ලක්ෂාන් සඳකැන්, නුවන් ප්‍රදීප්, ඉසුරු උදාන, කසුන් රාජිත, ළහිරු කුමාර

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *