ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයන්ගේ සහාය අනුරට

මෙරට දූෂිත දේශපාලන ප්‍රවාහයට විරුද්ධ හා රාජ්‍ය සේවයේ අනාගත අපේක්‍ෂාවන් පිළිබඳ. සිතන රාජ්‍ය සේවකයන්ගේ සහාය ජාතික ජනබලවේගයේ ජනපති අපේක්‍ෂක අනුර දිසානායක මහතාට ලබාදෙන බව ‘ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ’ සංවිධානය පවසයි.

රට අගාධයට ඇද දමමින් ගෙන යන දූෂිත තට්ටුමාරු දේශපාලන ක්‍රමය වෙනස් කිරීමට රාජ්‍ය සේවකයන් පෙරට පැමිණිය යුතු බව එම සංවිධානයේ ජාතික සංවිධායක හිටපු අමාත්‍යාංශ ලේකම් අශෝක පීරිස් මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බව පවසා සිටියේ, ඊයේ (11දා) බත්තරමුල්ලේදී පැවැති මාධ්‍ය හමුවකදීය.

දැනට රාජ්‍ය සේවයේ නියුතු සහ විශ්‍රාමික රාජ්‍ය නිලධාරීන් රැසකගේ දායකත්වය ‘ජනතා මෙහෙවර උදෙසා රාජ්‍ය සේවකයෝ’ සංවිධානයට ලැබී ඇති බවද ඒ මහතා පවසා සිටියේය.

එසේම එළැබෙන 16 වැනිදා ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනයේ පවත්වන සම්මන්ත්‍රණයේදී සිය සංගමයේ සියලු සාමාජිකයන්ගේ එකඟත්වය මත ජාතික ජනබලවේගයේ කොටස්කරුවෙකු ලෙස නිල වශයෙන් වැඩකටයුතු ආරම්භ කරන බවද හිටපු අමාත්‍යාංශ ලේකම්වරයා ප්‍රකාශ කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *