පළාත් සභා ඇමැතිවරුන්ට තීරු බදු රහිත වාහන නෑ

පළාත් සභාවල හිටපු මැති ඇමැතිවරුන්ට තීරු බදු සහන යටතේ වාහන ආනයනය කිරීමට. බලපත්‍ර ලබාදීම සඳහා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරන ලද යෝජනාව ඊයේ (10) පැවැති කැබිනට් රැස්වීමේදී දෙවන වරටත් ප්‍රතික්ෂේප වි ඇත.

මෙම යෝජනාව ගිය සතියේ පැවැති කැබිනට් රැස්වීමට ද ඉදිරිපත් කර තිබූ අතර එහිදී මුදල් ඇමැති මංගල සමරවීර මහතා විරෝධය පළකිරීම හේතුවෙන් එය ප්‍රතික්ෂේප වී තිබිණ.

එම යෝජනාව පළාත් පාලන , පළාත් සභා හා ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතා විසින් ඊයේ පැවැති කැබිනට් රැස්වීමටද ඉදිරිපත් කරන ලද අතර ඊට මංගල සමරවීර ඇමැතිවරයාගේ විරෝධය පළකර ඇත.

උතුරු පළාත් සභාවේ හිටපු මන්ත්‍රීවරුන් තිදෙනෙකු හැර එහි සෙසු මන්ත්‍රීවරුන්ට තීරුබදු සහන යටතේ වාහන අනයනය කිරීමට බලපත්‍ර නිකුත් කර තිබිණි.

එහි ඉතිරි මන්ත්‍රීවරුන්ටත් දැනට නිලකාලය අවසන්වී ඇති උතුරු මැද,සබරගමුව,නැගෙනහිර,මධ්‍යම,වයඹ,දකුණු සහ බස්නාහිර යන පළාත් හතේ හිටපු මැති ඇමැතිවරුන්ටත් ඌව පළාත් සභාවේ මැති ඇමැතිවරුන්ටත් වශයෙන් 418 දෙනෙකුට බදු සහන යටතේ වාහන ආනයනය කිරීම සඳහා බලපත්‍ර ලබාදීමට අනුමැතිය ඉල්ලා ඇමැති වජිර අබේවර්ධන මහතා එම කැබිනට් සංදේශය ඉදිරිපත් කර තිබිණි.

මේ අවස්ථාවේ රටේ පවතින තත්ත්වය අනුව මෙම යෝජනාවට කිසිසේත් එකඟවිය නොහැකි බව ඇමැති මංගල සමරවීර මහතා කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත.

එහිදී අදහස් දක්වා ඇති වජිර අබේවර්ධන මහතා ඇමැතිවරයා තෝරාගත් පිරිසකට පමණක් කලින් බලපත්‍ර පමණක් කලින් බලපත්‍ර දී ඇති බවත් එය අසාධාරණ බවත් ප්‍රකාශ කර ඇත.

එබැවින් පළාත් සභාවල සිමීත සහ හිටපු මන්ත්‍රීවරුන් සියලු දෙනාටම පොදුවේ මෙය ලබාදීය හැකි යැයිද ඇමැති අබේවර්ධන මහතා සඳහන් කර තිබේ.

එහිදී අදහස් දක්වා ඇති සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට බලපත්‍ර දී තිබියදී පළාත් සභා මන්ත්‍රීවරුන්ට බලපත්‍ර නොදීම ආසාධාරණ බව සඳහන් කර ඇත.

ඊට පිළිතුරු දී ඇති මංගල සමරවීර ඇමැතිවරයා එසේ නම් කළ යුත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දෙන එම වරප්‍රසාදය ද අහෝසි කළ යුතු බව පවසා තිබේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *