එක්සත් රුසියා පක්ෂය දැවැන්ත පසුබෑමකට

මොස්කව් නගර සභා මැතිවරණයේදී එරට පාලක පක්ෂය වන එක්සත් රුසියා පක්ෂය දැවැන්ත පසුබෑමකට ලක්ව තිබේ.

පසුගියදා පැවති මොස්කව් නගර සභා මැතිවරණයේ ප්‍රතිඵලවලට අනුව පාලක එක්සත් රුසියා පක්ෂයට, සමස්ත ආසන සංඛ්‍යාවෙන් තුනෙන් එකක පමණ බලය අහිමි වී තිබේ.

කෙසේ නමුත් මොස්කව් නගර සභාවේ බහුතර බලය හිමිකරගැනීමට එම පක්ෂය සමත්ව ඇති අතර ශාන්ත පීටර්ස්බර්ග් ඇතුළු කලාප 15ක පමණ බලය හිමිකරගෙන තිබුණේද එක්සත් රුසියා පක්ෂයයි.

ආදායම පහත වැටීම, විශ්‍රාම ගන්නා වයස ඉහළ දැමීම වැනි කරුණු කිහිපයක් මුල්කරගනිමින් වර්ෂ 5ක පමණ සිට මොස්කව් වැසියන්ගෙන් රජයට විරෝධය එල්ලවෙමින් තිබේ.

එමෙන්ම විපක්ෂ අපේක්ෂයන් බොහෝ දෙනෙක් නගරසභා මැතිවරණයට නුසුදුසු බව තීන්දු කිරීමත් විරෝධතා තීව්‍ර කිරීමට හේතුවී තිබුණි.

විපක්ෂ අපේක්ෂකයන් මැතිවරණ සටනින් ඉවත් කිරීමට එරෙහිව පැවති විරෝධතාව, දශකයකින් පසුව මොස්කව් හි පැවති විශාලතම විරෝධතාව බවයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.

කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ ප්‍රකාශකයෙක් මාධ්‍ය වෙත පැවසුවේ මොස්කව් පසුබෑම නොතකා එක්සත් රුසියා පක්ෂය ජයග්‍රහණය වෙනුවෙන් හොඳින් කටයුතු කළැයි ක්‍රෙම්ලිනය විශ්වාස කළ බවයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *