සජිත් ජනාධිපති අපේක්ෂකයා කරොත් අපි ඇල්පිටිය අනිවාර්යයෙන් දිනනවා-දිලිප්

එක්සත් ජාතික පක්ෂ ජනාධිපතිධුර අපේක්ෂකත්වය පක්ෂ නියෝජ්‍ය නායක. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාට ලබාදෙන්නේ නම් ඇල්පිටිය ප්‍රාදේශීස සභා මැතිවරණය ජයග්‍රහණය කළ හැකි බව රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පවසයි.

හම්බන්තොටදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ අර්බුදය විසඳෙයි ද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදීන් අමාත්‍යවරයාගෙන් ප්‍රශ්න කර සිටියේය.

එයට පිළිතුරු දෙමින් ඒ මහතා පවසා සිටියේ, අගමැතිවරයා හා නියෝජ්‍ය නායකවරයා සාකච්ඡා කර ප්‍රශ්නය අවසන් කර බවත් පැවසීය.

සජිත් ප්‍රේමදාස මහතාට අවශ්‍ය තැන ඒ මොහොතේ ලබා දෙන බවත් පැවසු අමාත්‍යවරයා, සජිත් ප්‍රේමදාස මහතා පක්ෂයේ නායකත්වයට පත් කරන්නේ නම් නිසැකයෙන්ම කොළ කොඩිය ඇල්පිිටියෙන් එසවිය හැකි බවද කියා සිටියේය.

සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකත්වයට පත් කරන්නේ නම් නිසැකයෙන්ම එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කරන බවත් එසේ නොමැති නම් පක්ෂය පරාජය වන බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙහිදි පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *