දික්ගැස්සෙන පොහොට්ටු ලකුණේ දබරය

ජනාධිපතිවරණය සඳහා වන පුළුල් සන්ධානයක් වෙනුවෙන් මේ වන විටත් ශ්‍රී ලංකා. නිදහස් පක්ෂය හා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර සාකච්ඡා පැවැත් වෙයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පවසන්නේ දෙපාර්ශ්වයම සහාය දක්වන අපේක්ෂකයාගේ පක්ෂ ලාංඡනය පොහොට්ටුව නොවිය යුතු බවයි.

කෙසේවෙතත් පොහොට්ටුව ලාංඡනය වෙනස් කිරීමේ කිසිදු අදහසක් නැතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවසයි.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසා සිටියේ, අනෝන්‍ය වශයෙන් එකඟතාවයන් රැසක් ඇති වෙන බවත් ඒවා ධනාත්මක බවත් පැවසීය.

01 – යළිත් වරක් සුදු වෑන් එන එකක් නැහැ, මාධ්‍යවේදීන්ට හිරිහැර නැහැ, මාධ්‍ය ආයතන ගිනි තියන එකක් නැහැ කියලා මොකක්ද තියෙන සහතිකය?

මෙම සාකච්ඡා බිඳ වැට්ටීමට තමා සුදානම් නොවන බවත් පැවසු ඒ මහතා, ගැලපෙන මතවාදය යම් තරමකට හෝ ඇත්තේ පොදු ජන පෙරමුණේ වුවත් එහිදී විසඳා ගත යුතු ප්‍රශ්න රැසක් ඇති බවත් පැවසීය. හොරකමට ශ්‍රීලනිපය සම්පූර්ණයෙන්ම විරුද්ධ බවත් පැවසු දයාසිරි ජයසේකර මහතා ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පැමිණිමෙන් පසුවත් එවැනි දෙයක් සිදු විය නොහැකි බවත් පැවසීය.

2 – ඒ කියන්නේ ඔබටත් එතනට යන්න බැරිද?

කොතන්ටද?

03 – හොරු රැළ කිව්වාම ඔබතුමත් ඒකේ හිටියා

මම හොරෙක් කියලා කොහෙවත් නැහැ

04 – අර මහබැංකු සිද්ධියේදි ඔබතුමාටත් චෙක් පතක් හම්බ වුණානේ?

යාළුවෙක් ගෙනත් දීපු චෙක් එකක් බවත් එය මම ගිහින් CID එකටත් ප්‍රකාශයක් ලබා දුන් බවත් පැවසු දයාසිරි ජයසේකර මහතා, ඇලෝෂියස්ගෙන් සල්ලි ගත්තේ නැති බවත් පැවසීය.

05 – ලාංඡනයේ ප්‍රශ්නය මොකක්ද දැන්?

පොහොට්ටුව හැර වෙනත් ලාංඡනයක් ගෙන ආවත් එම ජනතාව ගොස් මිනිස්සු එ.ජා.ප.යට ඡන්දෙ දාන්නේ නැති බවත් පැවසු දයාසිරි ජයසේකර මහතා, නිදහස් පක්ෂයේ අය පොහොට්ටුවට ඡන්දෙ දෙන්නේ නැති බවත්, එනිසා ලාංඡන අත ඇරලා පොදු ලාංඡනයකට එන්න යනුවෙන් ද පැවසීය.

මෙහිදී අදහස් දක්වමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක මහතාගෙන්

01 – තාම එකඟතාවකට එන්න බැරිවෙලා තියෙන්නේ මේ ලකුණක් හරියට දාගන්න බැරිවෙච්ච හින්දා නේද? යනුවෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කර සිටියේය.

ශ්‍රි ලංකා නිදහස් පක්ෂය සමඟ අත්වැල්බැඳ ගනු ලබන්නේ ඉදිරියේ සාදන සන්ධානයක බවත් පොහොට්ටුව යන පක්ෂය මෙහිදී සන්ධානයක් ලෙස නොගන්නා බවත් මෙහිදී දිසානායක මහතා පැවසීය.

එනිසා එයට යම් පක්ෂයක ලාංඡනයක් පැවතිය නොහැකි බවත් එයට පොදු ලාංජනයක් තිබිය යුතු බවත් කියා සිටියේය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේ, කිසිදු හේතුවක් මත පොහොට්ටුවේ ලකුණ වෙනස් නොකරන බවයි.

සාකච්ඡා වට 15 ක් පමණ ගොස් ඇති බවත් එහිදී ලාංඡනය වෙනස් කරන්න කියන ඉල්ලීම ශ්‍රි ලංකා නිදහස් පක්ෂය විසින් සිදු කර නොමැති බවද ඒ මහතා පැවසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන මහතාගෙන් “ සජිත් ප්‍රේමදාස වැඩිපුර විවේචනය කරන්නේ රනිල්ට වඩා සජිත් ඔබතුමාලට අභියෝගයක් හින්දා නේද?“ යනුවෙන් ඇසීමේ දී මන්ත්‍රිවරයා පවසා සිටියේ එකම තැටිය ගසන බවත් ජනතාව මෙය පිළි ගනී දයනුවෙනි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *