අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙක් මරුට

දඹුල්ල-කුරුණෑගල ප්‍රධාන මාර්ගයේ දඹුල්ල රෝහල ආසන්නයේ දී සිදුවූ අනතුරකින් පොලිස් කොස්තාපල්වරයෙකු මියගොස් ඇති බව දඹුල්ල පොලීසිය පවසයි.

ඊයේ(10) රාත්‍රී 11.10ට පමණ යතුරුපැදියක් සහ ටිපර් රථයක් එකිනෙක ගැටී මෙම අනතුර සිදුව ඇති බව වාර්තා වෙයි.

පොලිස් කොස්තාපල්වරයා සේවය අවසන් වී ගලේවෙල ප්‍රදේශයේ නිවස බලා ගමන් කරමින් සිටියදී මෙම අනතුර සිදු වී තිබෙන බව පොලීසිය සඳහන් කළේය.

පොළොන්නරුව ප්‍රදේශයේ සිට කොළඹ ප්‍රදේශයේ ද වැලි ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදුවී තිබෙන බවත් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය කර ගැනීමට නොහැකිවී තිබේ.

මෙම අනතුරින් මියගොස් ඇත්තේ යතුරුපැදියේ ගමන් කරමින් සිටි හබරණ පොලීසියට අනියුක්තව සේවය කරන පොලිස් කොස්තාපල් එම්.ඩබ්ලිව.යු.පි.කේ බණ්ඩාර නැමති 32 හැවිරිදි තොරතුරු තාක්ෂණ නිලධාරිවරයා වන බව දඹුල්ල පොලීසිය පවසයි.

මියගිය පොලිස් කොස්තාපල්වරයා දෙදරු පියෙක් බව වාර්තා වෙයි.

අනතුරින් තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා දඹුල්ල මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

සැකපිට ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දඹුල්ල පොලිසිය පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *