අද රෑට ඇට් හෝම් එකක් තියෙයි-ජයවික්‍රම

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා අතර අද පස්වරුවේ පැවැත්වීමට නියමිත සාකච්ඡාව සුබදායි වනු ඇතැයි අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා පවසයි.

කැබිනට් රැස්වීමට සහභාගීවීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අමාත්‍යවරයා පවසා සිටියේ අද දින පැවති කැබිනට් මණ්ඩල සඳහා ඉදිරිපත් කළ යෝජනා අනුමත වූ බවයි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් රැස්වීම අද පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණි.

“අද රෑට ඇට් හෝම් එකක්“ තිබෙන බවත් පැවැත්වීමට සාකච්ඡාව සුබදායි වණු ඇති බවත් අමාත්‍ය ගාමිණි ජයවික්‍රම පෙරේරා මහතා වැඩිදුරටත් පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *