සුදත්ත හිමිගෙන් මංගලට චෝදනාවක්

ජනාධිපතිවරණය සඳහා මුදල් රැස්කිරීමේ අරමුණින් මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා. නව මත්පැන් නිශ්පාදන බලපත්‍ර 04ක් නිකුත් කිරීමට සැලසුම් කර ඇති බවට පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් චෝදනා කරයි.

අද (09) පෙරවරුවේ සුරාබදු දෙපාර්තමේන්තුවට ලිපියක් භාරදීමට පැමිණි අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින් උන්වහන්සේ මේ බව සඳහන් කළේය.

නව සිංහල රාවය ජාතික සංවිධානයේ මහලේකම් පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් අද පෙරවරුවේ සුරාබදු දෙපාර්තමේන්තුවට ලිපියක් භාරදීම ඉල්ලා සිටියේ අලුතින් මත්පැන් නිශ්පාදන බලපත්‍ර ලබාදීම අත්හිටුවන ලෙස සහ නීතිවිරෝධී කෘතිම රා නිශ්පාදනය මැඩපැවැත්වවීමට පියවර ගන්නා ලෙසයි.

එහිදි මාධ්‍ය අදහස් දක්වමින් උන්වහන්සේ පැවසුවේ පසුගිය දිනයන්හි චීනයෙන් දුම්වැටි ආනයනය කිරීමට සැලසුම් කළ පුද්ගලයාටද මෙම නව බලපත්‍ර අරින් එකක් නිකුත් කිරීමට ඉල්ලුම් කර ඇති බවයි.

ශ්‍රී ලංකාව මත්පැන් ජාවාරම්කරුවන්ගේ තිප්පලක් බවට පත් වීමට ඉඩ නොතබන බවට උන්වහන්සේ පවසයි.

කෙසේ හෝ මෙම බලපත්‍ර නිකුත් කිරීමට සුරාබදු දෙපාර්තමේන්තුව ක්‍රියා කළහොත් ඊට එරේහිව සුරාබදු දෙපාර්තමේන්තුව වටලන බවද උන්වහන්සේ අවධාරණය කළේය.

විනාකිරී නිෂ්පාදනයට බලපත්‍ර රැගෙන එ හරහා නිතී විරෝධි මත්පැන නිෂ්පාදනය කරන බවද උන්වහන්සේ පැවසීය.

ජනාධිපතිවරයාගේ අවධානයද මේ සඳහා යොමු කරන ලෙසද උන්වහන්සේ අවධාරණය කළේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *