පරණ මිලට පිටි දෙන්න සමාගම් ඇමතිට එකඟ වෙයි

කෘෂිකර්ම අමාත්‍ය පී හැරිසන් මහතා සමඟ පරණ මිල ගණන් යටතේ තිරිඟු පිටි. ලබා දීමට පිටි සමාගම් එකඟත්වය පළ කර තිබේ.

අද(10) අමාත්‍යවරයා සමඟ ජීවන වියදම් කමිටුවේ දී මෙම තීරණය ගෙන ඇති බව අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

පසුගිය සැප්තැම්බර් මස 6 වන දින තිරිඟු පිටි කිලෝග්‍රෑම් එකක් රුපියල් 5 යි ශත 50 කින් ඉහළ දමන බව ප්‍රීමා සමාගමේ පාලනාධිකාරිය විසින් දිවයිනේ සියලූම අලෙවි නියෝජිතයින්ට දැනුම් දී තිබුණි.

කෙසේ වෙතත් අද දිනයේ දී ජීවන වියදම් කමිටුව හමුවේ සියලුම පිටි සමාගම් සාමාජිකයින් සහභාගී වු බවත් සඳහන් කළ අමාත්‍යාංශය පිටි මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් කරුණු දැක්වීමට අදාළ සමාගම් සඳහා සති 3 ක කාලයක් ලබා දුන් බවත් පැවසීය.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පෙර පැවති මිල ගණන්වලට පිටි මිල සංශෝධනය වනු ඇත.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *