ගමේ ශ්‍රීලනිප පාක්ෂිකයින් සියයට 99ක් බලාපොරොත්තු වෙන්නේ ගෝඨා-ඩබ්.ඩී.ජේ

මේ වනවිට ජනගත වී ඇති ශ්‍රී ලංකා පොදු ජන පෙරමු‍ණේ ලාංඡනය ඇතැම් පිරිස් පවසන. ආකාරයට වෙනස් කිරීමට නොහැකි බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා පවසයි.

ඔහු මේ අදහස් පළ කළේ ගොඩගම පැවති මාධ්‍ය හමුවකදීයි.

පොදු ජන පෙරමුණ මැතිවරණය සඳහා පොහොට්ටුව ලාංඡනයෙන් ඉදිරියට පැමිණ ඇතැයි ද පැවසු ඒ මහතා, මේ මොහොතේ කිසිදු අවස්ථාවක තමන්ගේ ලාංඡනය අතහැර නව ලාංඡනයකට යෑමට හැකියාවක් නොමැති බවත් කියා සිටියේය.

පොහොට්ටුව ලාංඡනය ඔවුන් විසින් රට පුරා ව්‍යාප්ත කර අවසන් බවත් පැවසු මන්ත්‍රීවරයා, ප්‍රාදේශීය වශයෙන් ගමේ සිටින ශ්‍රි ලංකා නිදහස් පක්ෂ පාක්ෂිකයින් සියයට 99 ක් පමණ බලාපොරොත්තු වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජයග්‍රහණය බවත් සඳහන් කළේය.

ඔවුන්ට කිසිදු අවස්ථාවක එක්සත් ජාතික පක්ෂය සමඟ යෑමට අවැසි නොමැති බවත් පැවසු මන්ත්‍රීවරයා, එජාපයට ප්‍රතිවිරුද්ධ ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිපත්තිවලට මුල්තැන දෙන පක්ෂයක් සමඟ කටයුතු කරන්න යැයි ද පැවසීය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *