කාන්තාවක් ලෙස සැරසී ත්‍රීරෝද රථයක් පදවගෙන පැමිණි තරුණයෙන් අත්අඩංගුවට

කාන්තාවක් මෙන් සැරසි ත්‍රීරෝද රථයකින් පැමිණි තරුණයකු සැකපිට. අක්මීමන කුරුඳුවත්ත ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්ව තිබෙනවා.

අක්මීමන පොලිසිය මෙම අත්අඩංගුවට ගැනීම සිදු කළා.

මොහු 24 හැවිරිදි වියේ පසුවන වැලිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහු රුපලාවන්‍ය මධ්‍යස්ථානයකට ගොස් බොරු කොණ්ඩයක් දමා ගෙන කාන්තාවක් මෙන් සැරසි ත්‍රීරෝද රථය පදවාගෙන වැලිගම සිට අක්මීමන ප්‍රදේශයට පැමිණ තිබුණා. කාන්තාවක් මෙන් හැඩ ගැන්වීම සඳහා ඔහු අදාළ රුපලාවන්‍ය ආයතනයට රුපියල් 800ක මුදලක් ද ලබාදී තිබෙනවා.

සැකකාර තරුණයා කුරුඳුවත්ත ප්‍රදේශයට පැමිණ එම ප්‍රදේශයේ නිවසක නිවැසියන් පිළිබඳ තොරතුරු විමසා තිබෙනවා. ඒ අවස්ථාවේ ඔහු පැළඳ සිටි බොරු කොණ්ඩය සුළගේ ගොස් ඇති බවයි වාර්තා වුණේ. පසුව මොහු ගැන සැකසිතී එහි සිටි අය විසින් සැකකරු අල්ලා පොලිසියට භාරදී තිබුණා.

සැකකරු විවාහකයකු වන අතර ඔහු මෙම ප්‍රදේශයේ කාන්තාවක් සමග අනියම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති බවයි පැවසෙන්නේ.

ඇය හමුවීම සඳහා කාන්තාවක් ලෙස සැරසී පැමිණ ඇති බවද අනාවරණය වී තිබෙනවා.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *