අයිස්-ගංජා-මත්පෙති සමඟ සැකකරුවෙක් අත්අඩංගුවට

ගොතටුව පොලිස් වසමේ බටලන්ද හේන ප්‍රදේශයේ දී සංවිධානාත්මක අපරාධ. නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගත් පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ(09) රාත්‍රී 7.45 ට පමණ මෙම වැටලීම සිදු කර ඇත.

එහිදී අයිස් ග්‍රෑම් 100 යි මිලිග්‍රෑම් 450 ක්, ගංජා කිලෝ 2යි ග්‍රෑම් 20 ක් හා ‍මත් පෙති 50 ක් මෙම සැකකරු සන්තකයේ තිබී අත්අඩංගුවට පත්ව තිබේ.

අත්අඩංගුවට පත්ව ඇත්තේ වයස අවුරුදු 30 ක් වු මීතොටමුල්ල පාර, වැල්ලම්පිටිය ලිපිනයේ පදිංචි රිචඩ් ඩේමියන් ඩෙකර් නැමැත්තෙකි.

සැකකරු අද(10) දිනයේ දී අලුත් කඩේ අංක 2 මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාස‍ය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *