වඳ වී යන මුහුදු කැස්බෑ පැටවුන්

වඳ වී යාමේ තර්ජනයකට මුහුණ පා සිටින මුහුදු කැස්බෑ පැටවුන් විශාල පිරිසක් එකවර උපත ලැබීමේ දුර්ලභ සිදුවීමක් පිළිබඳ මේ පුවත වාර්තා වන්නේ ඉක්වදෝරයෙන්.

පසුගිය වසරේදී ඉක්වදෝරයේ එස්මෙරල්දා පළාතේ මුහුදු කැස්බෑවන් එකොළොස්දහසක් පමණ උපත ලබා ඇත.

විශේෂඥයින් පෙන්වා දෙන්නේ සාම්ප්‍රදායික අභිජනන ක්‍රමයට මිනිසාගෙන් බාධා එල්ල වීම හේතුවෙන් එම සතුන් මෙලෙස නව අභිජනන ස්ථාන වෙත මාරුවී ඇති බවයි.

ලෝකයේ මුහුදු කැස්බෑ විශේෂ හතක් වන අතර “ඔලිව් රිඩ්ලී” ඒ අතුරින් කුඩාම විශේෂයයි.

මධ්‍යම අමෙරිකාව, ඉක්වදෝරය සහ පේරු යන රටවල වෙරළබඩ ප්‍රදේශ මෙම මුහුදු කැස්බෑවුන් සිය අභිජනන ක්‍රියාවලිය සඳහා තෝරාගනු ලබයි.

උපත ලැබූ වෙරළ තීරයටම පැමිණ බිජුලන සතෙක් ලෙස මුහුදු කැස්බෑවන් ප්‍රකටයි.

ගැහැණු සතුන් වළක් හාරා ඒ තුළ බිත්තර 100 කට අධික සංඛ්‍යාවක් තැන්පත් කරන අතර දින 50 කට පමණ පසු රාත්‍රියේ කැස්බෑ පැටවුන් උපත ලබයි.

ඔලිව් රිඩ්ලි නම් මෙම කැස්බෑවුන් දැඩි ලෙස වඳවීමේ තර්ජනයට මුහුණ දී සිටින සතුන් කොටසක් ලෙස සැළකෙයි.

කැස්බෑ සම්පත ආරක්ෂා කර ගැනීමේ අරමුණින් නව නීති සහ සංරක්ෂණ පියවර හඳුන්වා දීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම සතුන්ගේ යම් වර්ධනයක් දක්නට ලැබෙන බව විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කරයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *