මැතිව්ස් – දිමුත් සහ මාලිංග අකමැත්ත පළ කරයි

එළඹෙන පාකිස්තාන තරග සංචාරය සඳහා ශි‍්‍ර ලංකා ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු එක්වීමට අකමැත්ත පළ කර ඇතැයි වාර්තා වනවා. ශී‍්‍ර ලංකා කණ්ඩායම මේ මස අගදී එක්දින තරග 03 කට සහ විස්සයි විස්ස තරග 03 කට සහභාගිවීම සඳහා ලබන 25 වැනිදා පාකිස්තානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා.

ඇන්ජෙලෝ මැතිව්ස්, දිමුත් කරුණාරත්න, ලසිත් මාලිංග යන ජ්‍යෙෂ්ඨ කී‍්‍රඩකයින් මෙන්ම නිරෝෂන් දික්වැල්ල ද පාකිස්තාන තරග සංචාරය සඳහා එක්වීමට අකමැත්ත පළ කර ඇති බවටයි මාධ්‍ය වෙත වාර්තා වුණේ.

මේ සම්බන්ධයෙන් තීරණාත්මක සාකච්ඡාවක් හෙට (09) දිනයේ කි‍්‍රකට් ආයතනයේ නිලධාරීන් සහ කී‍්‍රඩකයින් අතර පැවැත්වීමට ද නියමිතව ඇති බව ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මාධ්‍ය වෙත සඳහන් කළා. එහිදී කී‍්‍රඩකයින්ට පාකිස්තානයේ කි‍්‍රයාත්මක ආරක්ෂක වැඩපිළිවෙල සම්බන්ධයෙන් පැහැදිලි කිරීමක්ද සිදු කරන බවයි ඔහු සඳහන් කළේ.

කෙසේ වෙතත්, කී‍්‍රඩා අමාත්‍ය හරීන් ප‍්‍රනාන්දු ප‍්‍රකාශ කළේ පාකිස්තාන තරග සංචාරය සම්බන්ධයෙන් කී‍්‍රඩකයින් කිහිපදෙනෙකු තවමත් දෙගිඩියාවෙන් පසුවන බවයි. එම කී‍්‍රඩකයින්ගේ පවුල්වල සාමාජිකයින්ද කි‍්‍රඩකයින් මෙම සංචාරයට සහභාගී වීම සම්බන්ධයෙන් විරෝධයක් දක්වා ඇති බවයි පැවසෙන්නේ.

2009 වසරේදී ලාහෝර් නුවරදී ශී‍්‍ර ලංකා කණ්ඩායමට ත‍්‍රස්ත ප‍්‍රහාරයක් එල්ල වීමෙන් පසු ශී‍්‍ර ලංකා කණ්ඩායම පන්දුවාර 20 තරගයක් සඳහා පමණක් 2017 වසරේදී පාකිස්තානයේ තරග සංචාරයක නිරත වුණා. ඒ, තිසර පෙරේරාගේ නායකත්වය යටතේයි. ඉසුරු උදාන, ධනුෂ්ක ගුණතිලක, සීකුගේ ප‍්‍රසන්න, දසුන් ශානක, අශාන් පි‍්‍රයංජන්, ඇතුළු කී‍්‍රඩයින් පිරිසක් එම තරග සංචාරයට එක් වුණා.

කෙසේ වෙතත්, පාකිස්තානු රජය සහ එරට කි‍්‍රකට් පාලක මණ්ඩලය ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයනයට සහතික වී ඇත්තේ මෙවර ද ශී‍්‍ර ලංකා කණ්ඩායමට රාජ්‍ය නායකයෙකුට ලබාදෙන ආරක්ෂාවක් ලබාදෙන බවටයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *