මුගාබේගේ අභාවය ගැන රටවල් රැසක නායකයින්ගේ සංවේගය

සිම්බාබ්වේ හිටපු ජනාධිපති රොබට් මුගාබේගේ අභාවය පිළිබඳ රටවල් රැසක. නායකයින් සංවේගය පළ කර ඇත.

දකුණු අප්‍රිකානු ජනාධිපති සිරිල් රමපෝසා, කෙන්යානු ජනාධිපති උහුරු කෙන්යාටා, ටැන්සානියානු ජනාධිපති ජෝන් මැගුෆුලි, නයිජීරියානු ජනාධිපති මොහම්මදු බුහාරි යන රාජ්‍ය නායකයින් මෙන්ම අමෙරිකාව, බ්‍රිතාන්‍ය, චීන ඇතුළු රටවල මැති ඇමතිවරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් විසින් ද මුගාබේගේ අභාවය පිළිබඳ සංවේගය පළ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

වසර 30ක කාලයක් සිම්බාබ්වේ ජනාධිපති ධුරයේ කටයුතු කළ රොබට් මුගාබේ දීර්ඝතම කාලයක් ජනාධිපති ධුරයේ කටයුතු කළ රාජ්‍ය නායකයින් අතරට අයත් වෙයි.

සිංගප්පූරුවේ රෝහලක මාස 04ක පමණ කාලයක් නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය යන විට ඔහු 95 හැවිරිදි වියේ පසුවුණි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *