ඩෝරියන් නිසා අමෙරිකාව අදුරු වෙයි

ඩෝරියන් සුළිකුණාටුවේ බලපෑමෙන් ඇතිවූ විදුලිය විසන්ධි වීම් හේතුවෙන් අමෙරිකාවේ දකුණු කැරොලිනා සහ ජෝර්ජියා ප්‍රදේශවල පුද්ගලයින් එක්ලක්ෂ 67,000කට අධික පිරිසක් පීඩාවට පත්ව තිබේ.

දකුණු කැරොලිනා ප්‍රදේශයේ පමණක් පුද්ගලයින් එක් ලක්ෂ 54,000ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඩෝරියන් සුළිකුණාටුව හේතුවෙන් බහමාස් රාජ්‍යයට ද දැඩි බලපෑම් එල්ල වී ඇත.

ඉන් අනතුරුව අමෙරිකාවේ ගිණිකොණ දිග වෙරළ තීරයට හමා ආ සුළි කුණාටුව හේතුවෙන් උතුරු හා දකුණු කැරොලිනා ප්‍රදේශවල අවදානමට ලක්විය හැකි පුද්ගලයින් මිලියනයකට අධික පිරිසකට පදිංචි ස්ථානවලින් ඉවත් වන ලෙස බලධාරීන් දැනුම් දීම් සිදුකර ඇති බව ද සඳහන්.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *