නවසීලන්ත-ශ්‍රී ලංකා අවසන් 20/20 අද

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර තරග 3කින් සමන්විත විස්සයි විස්ස ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය අද (06) පල්ලේකැලේ ක්‍රීඩාංගණයේ දී පැවැත්වීමට නියමිතයි.

තරග ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වෙයි.

තරග 3කින් සමන්විත විස්සයි විස්ස තරගාවලියේ පළමු තරගය කඩුලු 5කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණි.

දෙරට අතර පැවැති දෙවන තරගයද නවසීලන්ත කණ්ඩායම ජය ගත්තේ කඩුලු 4කින්.

ඒ අනුව විස්සයි විස්ස තරගාවලිය තවත් එක් තරගයක් ඉතිරිව තිබියදී තරග 2ට 0ක් ලෙස ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණි.

කෙසේ වෙතත් පූර්ණ විස්සයි විස්ස තරගාවලිය පරාජයෙන් ගැලවීමට නම් ශ්‍රී ලංකා කණ්ඩායමට අද තරගය අනිවර්යෙන් ජය ගත යුතුව ඇත.

මේ අතර නවසීලන්තය සමඟ පැවැති දෙවන විස්සයි විස්ස තරගයේදී ආබාධයකට ලක් වු කුසල් මෙන්ඩිස් අද තරගය සඳහා ක්‍රීඩා නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මෙල් මහතා සඳහන් කලේය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *