රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින්ගෙන් යළි විරෝධතාවක්

රාජ්‍ය විරෝධී උද්ඝෝෂකයින් හොංකොං ජාත්‍යන්තර ගුවන්තොටුපල ආශ්‍රිතව යළි විරෝධතාවක් ආරම්භ කර තිබේ.

සිය විරෝධතා ක්‍රියාමාර්ගය සදහා ජාත්‍යන්තර අවධානය ලබාගැනිමේ අරමුණින් ඔවුන් මෙලෙස ගුවන්තොටුපල ආශ්‍රිතව උද්ඝෝෂණ ක්‍රියාමාර්ගවල නිරත වන බව විදෙස් මාධ්‍ය වාර්තා පෙන්වා දෙයි.

විරෝධතාකරුවන් ගුවන්තොටුපල වෙත මගීන් ප්‍රවාහනය කෙරෙන දුම්රියට ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් හේතුවෙන් එම දුම්රිය ගමනාගමනය අත්හිටුවීමට ද බලධාරීන් පියවර ගෙන ඇති බව සදහන්.

හොංකොංහි සති 13ක කාලයක් පුරා පවතින මෙම රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ හේතුවෙන් ආර්ථිකයට දැඩි බලපෑමක් එල්ල වී ඇති බව ද විදෙස් විචාරකයින් පෙන්වා දෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *