මෝදිගේ පොරොන්දුවක් වෙනුවෙන් පියවරක්

ඉන්දියාවේ ඇසෑම් ප්‍රාන්තයේ ලක්ෂ 19ක පිරිසක් විදේශකයින් ලෙස නම් කර ඇත.

එරට ජාතික පුරවැසි ලේඛණය ඊයේ ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව බංග්ලාදේශ සංක්‍රමණිකයින් පිරිසක් මෙලෙස විදේශකයින් ලෙස නම් කර ඇති බව වාර්තා වන්නේ.

ඔවුන්ට සිය අභියාචනා ඉදිරිපත් කිරීම සඳහා දින 120 කාලයක් ලබා දී ඇති අතර අනතුරුව ඔවුන් රැඳවුම් මධ්‍යස්ථාන වෙත යැවීමට නියමිතව ඇත.

ඇසෑම් ප්‍රාන්තයේ සිටින බංග්ලාදේශ සංක්‍රමණිකයින් ඉවත් කරන බවට ඉන්දීය ආග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි සිය මැතිවරණ ව්‍යපාරයේදී දුන් පොරොන්දුවක් මත මෙම පියවර ගෙන ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් එරට විපක්ෂය මෙන්ම මානව හිමිකම් සංවිධානද දැඩි ලෙස විවේචන එල්ල කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *