“යාත්‍රා” පූර්ව ප්‍රචාරකපටය නිකුත් කෙරේ

ක්‍රිස්ටි ෂෙල්ටන් ප්‍රනාන්දුගේ නවතම සිනමා අධ්‍යක්ෂණය “යාත්‍රා” හි පූර්ව ප්‍රචාරකපටය පසුගියදා අන්තර්ජාලය වෙත නිකුත් කර තිබේ.

ශ්‍රියානි අමරසේන ප්‍රධාන චරිතයට පණ පොවන මෙම සිනමාපටයේ සෙසු චරිත සඳහා ලක්ෂ්මන් මෙන්ඩිස්, ක්ලීටස් මෙන්ඩිස්, සෙනාලි ෆොන්සේකා, සාරංග දිසාසේකර, සඳුන් විජේසිරි, ශ්‍රියන්ත මෙන්ඩිස්, දිනෙත් ද සිල්වා, උදාරි පෙරේරා, පබෝධා සන්දීපනී, රොෂාන් පිලපිටිය, කුමුදු නිශාන්ත, ඉන්දික මදුරගේ, ලිලානි පෙරේරා ඇතුළු පිරිසක් රංගන දායකත්වය සපයා ඇත.

“යාත්‍රා” කැමරා අධ්‍යක්ෂණය අයේෂ්මන්ත හෙට්ටිආරච්චි, කලා අධ්‍යක්ෂණය සුනෙත් නන්දලාල්, අංග රචනය ඉන්දික උදාරලංකා,  සංගීත අධ්‍යක්ෂණය නවරත්න ගමගේ, ගීත රචනය බණ්ඩාර ඇහැළියගොඩ සහ වසන්ත කුමාර කොබවක, ගායනය නෙලූ අධිකාරී සහ ඉන්දිකා උපමාලි, සංස්කරණය සහ වර්ණ සංයෝජනය මේඝ කොළඹගේ, ශබ්ද සැලසුම් ඩිරාන් විජේසිංහ, නිෂ්පාදනය ශ්‍රියානි අමරසේන, රුවන් ජයසිංහ, ලිලානි පෙරේරා සහ නිරංජලා සරෝජනී විසිනි.

අරුණ ජයවර්ධනගේ තිර පිටපතක් අනුව නිර්මාණය කළ “යාත්‍රා” මෙරට දී මෙන්ම නේපාලයේ ද රූපගත කළ අපූරු සිනමා සිත්තමකි.

නිළ පෝස්ටර් නිර්මාණය : ගයාන් ගමගේ

පූර්ව ප්‍රචාරකපටය පහතින්,

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *