ගෑස් නලයක් පුපුරා යෑමෙන් ගොඩනැඟිල්ලක් කඩා වැටී 2ක් මරුට

යුක්‍රේනයේ ගෑස් නලයක් පුපුරායාම හේතුවෙන් එහි ගොඩනැඟිල්ලක් කඩා වැටී අනතුරක් සිදුව තිබේ.

ඉන් පුද්ගලයින් දෙදෙනෙක් මියගොස් තවත් හත්දෙනෙක් තුවාල ලබා ඇති බවට සඳහන් වෙයි.

බටහිර යුක්‍රේනයේ ඩ්‍රෝහොබීච් නගරයේ නිවාස සංකීරණයක් කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව තිබේ.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ ගොඩනැගිල්ලේ සුන්බුන්වලට යටවූ පිරිස්.

ගොඩනැඟිල්ල කඩාවැටී ඇත්තේ එහි තිබූ ගෑස් නලයක් පිපිරීයාමෙන් බවට පරීක්ෂණ අතුරතුර හඳුනාගෙන තිබේ.

සුන්බුන් යට සිරවී තවත් පිරිසක් සිටින බවට පැතිර යන ආරංචි මාර්ග හේතුවෙන් ඔවුන් සොයා දැවැන්ත මෙහෙයුමක් ක්‍රියාත්මක කිරීමටද බලධාරීන් කටයුතු කළේය.

අනතුරෙන් තුවාල ලැබූවන් රෝහල්ගත කර ඇති අතර ඊට නිශ්චිත හේතු හා වරදකරුවන් සොයා වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *