හෝමාගම මාරක රිය අනතුරක්

අද(20) දහවල් 12 ට පමණ හෝමාගම පොලිස් වසමේ නව බස්නැවතුම් පොළ ප්‍රවේශයේ දී අනතුරක් සිදුව ඇත.

පුද්ගලික බස් රථයක් පදික කාන්තාවකගේ ඇඟේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කරයි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ පදික කාන්තාව හෝමාගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව මිය ගොස් තිබේ.

මෙසේ මිය ගොස් ඇත්තේ වයස අවුරදු 85 ක් වු කොතලාවල, කඩුවෙල ලිපිනයේ පදිංචි ජයකොඩිගේ දොන් සීලවතී නැමැත්තියකි.

මෘත ශරීරය හෝමාගම රෝහලේ තැන්පත් කර ඇති අතර, අනතුර සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇත.

හෝමාගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *