ශවේන්ද්‍ර ගැන ඇමෙරිකා තානාපතිනියගේ ප‍්‍රකාශයට විමල්ගේ අප‍්‍රසාදය

ශ්‍රී ලංකාවේ යුද හමුදාපතිවරයා ලෙස ජනාධිපතිවරයා විසින් ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පත් කිරීම මගින් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරව අපකීර්තියට පත්වන බවට ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපතිනිය වන අලෙයිනා බී. ටෙප්ලෙට්ස් මහත්මිය කළ ප්‍රකාශයට පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ විරෝධය ප්‍රකා කර තිබේ.

තානාපතිනිය තම රාජ්‍යතාන්ත‍්‍රික සීමා නොසලකා හරිමින් සහ වියානා සම්මුතිය උල්ලංඝනය කරමින් තම වහල් රාජ්‍යයක ආණ්ඩුකාරවරයාට නියෝග පනවන ආකාරයට සිදු කළ මෙම ප‍්‍රකාශයට දැඩි විරෝධය ප්‍රකාශ කරන බවද මන්ත්‍රීවරයා නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *