වැලිකඩ ජේලර් ඝාතනය අයෙක් අත්අඩංගුවට

වැලිකඩ බන්ධනාගාර පුහුණු පාසලේ ප්‍රධාන ජේලර්වරයා ඝාතනය කිරීමේ සිදුවීමට ආධාර අනුබල දුන් පුද්ගලයෙක් අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

අම්බලන්ගොඩ්දී පසුගිය 13 දා හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර මේ දෙදෙනා අතරින් එක් අයෙකු ජේලර්වරයාගේ ඝාතනයට අධාර අනුබල දීමේ චෝදනාවටද සැකකරුවෙක් වෙයි.

අවුරුදු 27ක් වන මංජුල රංග කුමාර යන සැකකරුගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීමේදී ඔහුගේ නිවසේ තිබී ටී.56 ගිනි අවි සඳහා යොදන පතරොම් 63ක් හා විවිධ වර්ගයේ සිම් කාඩ්පත් 15ක් සොයාගෙන තිබේ.

සැකකරු අද බලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *