ජනපති පත් කළ ත්‍රිපුද්ගල කමිටු සමාජිකයින් අද විශේෂ කාරක සභාව හමුවට

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව අද(20) යළි රැස්වීමට නියමිතව තිබේ.

නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කළේ අද පස්වරු 2.00ට පාර්ලිමේන්තුවේ දී විශේෂ කාරක සභාව රැස්වන බවයි.

අද දිනයේ කාරක සභාව හමුවේ පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයාබැලීම සඳහා ජනාධිපතිවරයා විසින් පත්කළ ත්‍රිපුද්ගල කමිටුවේ සාමාජිකයින් පෙනී සිටීමට නියමිතව තිබේ.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මළල්ගොඩ, හිටපු පොලිස්පති එන්.කේ.ඉලංගකෝන් සහ නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යාංශයේ හිටපු ලේකම් පද්මසිරි ජයමාන්න යන අය අද දිනයේ කාරක සභාව හමුවේ සාක්ෂි ලබාදීමට නියමිතයි.

මීට පෙර ද එන්.කේ.ඉලංගකෝන් මහතා සහ පද්මසිරි ජයමාන්න මහතා පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ පෙනී සිටියේය.

මේ අතර විශේෂ කාරක සභාවේ සාක්ෂි විමසීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට ආරාධනා කිරීම සම්බන්ධයෙන් අද දිනයේ විශේෂ කාරක සභාවේ සාමාජිකයින් විසින් සාකච්ඡා කිරීමට නියමිත බවයි වාර්තා වෙයි.

Sharing is caring!

Leave a Reply

Your email address will not be published. Required fields are marked *